“බල්ලාගේ වැඩේ බූරුවා කලා වගේ ” – සෞඛ්‍ය අමාත්‍යංශය CPC නිවෙධන නිකුත් කරයි.

හෙට (15) සිට යළිත් සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මීට පෙර සෑම සිකුරාදා දිනයකදීම සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන ලබාදීම සිදුකළ අතර, එය පසුගිය සති දෙක තුල නතර කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, හෙට (15) දිනයේදී යළිත් සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන ලබාදීම සිදුකරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව යතුරුපැදියක් සඳහා ලීටර් 6 ක් ද, ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 8 ක් , මෝටර් රථ සඳහා ලීටර් 20ක
සීමාවකට යටත්ව හෙට දිනයේදී සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන නිකුත් කරන බවයි එම නිවේදනයේ සදහන්.

සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ බොහෝ ප්‍රදේශ වලට ඉන්ධන පැමිණ නැත.

එම නිවේදනය නිකුත් කල යුත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් වන අතර අප ඔවුන්ගෙන් විමසීමේදී සදහන් කලේ එවැනි දෙයක් සිදූ නොවන බවයි.

බල්ලාගේ වැඩේ බූරුවාට කල නොහැක. ශ්‍රී ලංකාව විනාශ උනේ මේ නිසාමය.

Exit mobile version