හෙට (29) ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අවහිරයකින් තොරව බස් රථ ධාවනයට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා බස් රථ රියදුරන්ට අවධාරණය කර සිටියේ, හෙට සිට ජුනි 8 වැනිදා දක්වා නිල ඇඳුමෙන් පැමිණෙන සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි.
“කිසිදු බාධාවකින් තොරව දරුවන්ට තමන්ගේ විභාග මධ්‍යස්ථානවලට යන්න හැකියාව තියෙනවා. නිල ඇඳුම ඇඳගෙන යන දරුවන් වෙනුවෙන් විශේෂත්වයක් ලබාදෙන ලෙසට අපේ සේවක මහතුන්ගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. හෙට සිට ජූනි 8 දක්වා අපේ බස් සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මම සේවක මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා පොඩි පොඩි දේවල්වලට බස් වර්ජනය කරන්න සුදානම් වෙන්න එපා. සේවක ගැටලුවක් ආවොත් හදිසි බස් වර්ජනයකට නම් කිසිසේත්ම යන්න සුදානම් වෙන්න එපා. මට ඒ වෙලාවේ දී කතා කරන්න. විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන්න. මුදල් ගැන හිතන්න එපා. සල්ලි දුන්නත් නැතත් දරුවන්ව එක්කන් යන්න කටයුතු කරන්න විභාග මධ්‍යස්ථාන කරා. බස් රථ 12,000ක් සාමාන්‍ය පරිදි අඛණ්ඩව ධාවනය කරනවා.”
