ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සීයයට 25-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමෙනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටිනවා.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද(24) දහවල් කාලයේ ගැනීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර ත්‍රී රෝද රථ හිමියන්ද, ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 90 ක් ලෙසද එතැන් සිට කිලෝමීටරයකට රුපියල් 80 ක් බැගින්ද වන පරිදි ගාස්තු සංශෝධනය කරන බවයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටියේ.
