බස් නැවතුම්පොළක නාදුනන මළසිරුරක් .

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම්පොළක් තුළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් අද (16) දින උදෑසන සොයාගත් බවට හැටන් පොලීසිය වාර්තා කරයි.

බස් නැවතුම්පොළ තුළ තුවාල සහිතව පුද්ගලයෙකු බිම වැතිරි සිටින බවට එම බස් නැවතුම්පොළ වෙත පැමිණි මගියෙකු විසින් හැටන් පොලීසියට කළ දැනුම්දීමක් මත සිරුර සොයාගෙන ඇති බව සදහන්.

ඊයේ (15) පස්වරුවේ සිටම මියගොස් සිටි පුද්ගලයා එම ප්‍රදේශයේ සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

සිරුර සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version