ගාලු පාරේ මාතර සිට කොලඹ දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයක් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් හා ඇයගේ දරුවා ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ මව හා පුතු මාතර මහරෝහලට ඇතුලත් කොට ඇති අතර රෝහලට ඇතලත් කරණ විටත් මව මිය ගොස් තිබු බව වාර්තා වේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ කිරලවැල්ල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි.
අනතුර සිදු කල බස්රථයේ ගමන් ගත් සිවු දෙනකු විසින් බස්රථයේ කොන්දොස්තර හා රියදුරු සමග ගැටුමක් ඇති කරගෙන ඇතිඅතර එහිදී ඔහුන් විසින් රියදුරාට පහරදීම හේතුවෙන් රියදුරාගේ පාලනයෙන් බස් රථය ගිලිහී යාම මෙම අනතුරට හේතු වූ බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අනතුර පිලිබදව වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර රියදුරු හා තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.