බ්‍රිතාන්‍ය උද්ධමනය තවත් ඉහළට.

UK, Stock Market Data, Stock Market Crash, Stock Market and Exchange, Moving Down

බ්‍රිතාන්‍ය මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින රටකි.

මේ වන විට බ්‍රිතාන්‍යයේ උද්ධමනය 10.1% ක් ලෙස සටහන්ව ඇති අතර එය ගෙවීගිය වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය වශයෙන් සැලකේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බවත්, එය පසුගිය ගෙවුනු වසර 40ක කාල පරිච්ඡේදය තුළ ජීවන බර ඉහළ ගිය වැඩිම සීඝ්‍රතාවය ලෙස සැලකෙන බවත්, මේ සඳහා ඉහළ යන ආහාර මිල වැඩි දායකත්වයක් සපාය ඇති බවත් ය.

ලීස් ට්‍රස් අගමැතිනියගේ නව රජය විසින් සිදුකරන ලද බදු කප්පාදු සමග බ්‍රිතාන්‍ය ආර්ථිකය දැඩි අස්ථාවර තත්ත්වයකට පත්ව ඇත.

එහිදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුමේ අගය කැපී පෙනෙන අයුරින් අවප්‍රමාණය වීමක් ද වාර්තා වී ඇති අතර ඉන් අනතුරුව ඇයගේ ප්‍රතිපත්ති අකුලා ගැනීමට ඇයට සිදුව ඇත.

බ්‍රිතාන්‍ය පාලකයින්ගේ විචල්‍ය ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකයට ද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක් වන අතර ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ ඉදිරි මාස 06ක කාලය තුළ දී බ්‍රිතාන්‍ය ජනගහනයෙන් අඩකගේ ආර්ථික තත්ත්වය පෙර පැවති තත්ත්වයට වඩා පහත වැටීමට නියමිතව ඇත.

Exit mobile version