බැටරි ගලවා විකුණු කොස්තාපල් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයක හා ලොරි රථයක බැටරි ගලවා අලවි කල පොලිස් කොස්තාපල් වරයකු හා මිලදී ගත් පුද්ගලයකු කල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම වාහන නඩු භාණ්ඩ ලෙස අධිකරණ භාරයේ තිබු බවයි වාර්තාවන්නේ.

කල්පිටිය පොලීසියට අයත් නිලධාරීන් විසින් ඊයේ (11) රාත්‍රීයේ ලොරි රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබු අමතර බැටරි දෙකක් ගැන සැක පහළවී සිදු කරණ ලද පරීක්ෂණ අනුව මෙම තොරතුරු අනාවරණය කරගත හැකිවී තිබේ.

මෙම බැටරි රුපියල් 4500 ක මුදලකට විකුණු බව මිලදී ගත් අයගෙන් අනාවරණය කරගෙන තිබේ.

Exit mobile version