බැටරි හොරා අත්අඩංගුවට  

දුරකථන සංඥා කුලුනක සංඥා ලබාගැනීම සඳහා උපයෝගී කර ගන්නා බැටරි සොරා ගත් පුද්ගලයකු බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ  දී  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි33 හැවිරිදි සැකකරු සොරකම්කරන ලද බැටරි 08ක්  ත්‍රීරෝද රථයකින් අලවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (31) උදෑසන වීරකැටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු විසින් සොරා ගන්නා ලද බැටරිවල වටිනාකම රුපියල් ලක්ෂ 04කට අධික බවයි පොලීසිය සදහන් කර ඇත්තේ.

සැකකරු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන  07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සදහන් වේ.

Exit mobile version