බැඳුම්කර නඩුව 21 දක්වා කල් තබයි.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

2015 පෙබරවාරි මස 27 වනදා සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට අදාළව නීතිපතිවරයා විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 21 වනදා දක්වා කල් තැබීමට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කර තිබේ.. . 

රජයට අයත් රුපියල් මිලියන 688 ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමෙන් සාපරාධී, විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ට්‍රේෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් සහ ඊ.ටී.අයි. සමාගම ඇතුලු 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව ලබන 21 වනදා දක්වා කල් තැබීමට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කර තිබේ.

එම නඩුව පවරා තිබුනේ 2015 පෙබරවාරි මස 27 වනදා සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට අදාළවයි.

Exit mobile version