බැරැක්කයේ නිදා සිටි සෙබළාගේ රන් මාලයට විදලා.

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් හමුදා කඳවුරේ  බැරැක්කය  තුළ නිදා සිටි ගුවන් හමුදා භටයකුගේ  රන් මාලයක්  සොරා ගැනීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සොරාගත් රන් මාලයේ වටිනාකම රුපියල් ලක්ෂ 3 කට ආසන්න බවට පොලීසිය පවසයි.

ගුවන්තොටුපොළ කඳවුරේ රාජකාරි කරමින් සිටි මෙම ගුවන් සෙබළා සිය රාජකාරිය නිමාකර බැරැක්කයේ  නිදා සිටියදී  ඔහුගේ රන් මාලය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට ගුවන් තොටුපොළ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

Exit mobile version