බිත්තරයක් රුපියල් 40 ට දිය හැකයි – අමුද්‍රව්‍ය ආනයන බදු අයින් අරන්න.

බස්නාහිර බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය  ආහාර හා ඖෂධ ආනයනික බද්ද ඉවත් කිරීමට රජය පියවර ගන්නේ නම් බිත්තරයක් රුපියල් 40 ට දිය හැකි බවයි.

ඇතැමුන් මෙඅවස්තාවේ බිත්තර ආනයනය කරණ මුවාවෙන් කොමිස් ලබාගන්නට මානබලමින් ක්‍රියා කරමින් සිටින අතර ජනතාවට සහන ලබාදීමට ඔහුනට අවශ්‍යතාවයක් නැති බවක් පෙනී යයි. 

වෙළදපලේ විවිධ අවස්ථා වල විවිධ මිලගණන් වලට ජනතාවට දරා ගන්නට නොහැකි තරම් අදික මිලට බිත්තර මිල ඉහළ ගිය අවස්තාවේ වෙළද අමාත්‍යාංශය බිත්තර ආනයනයට සැලසුම් කරණ ලදී.

ඒ අනුව ඉන්දියාව හා පකිස්තානය යන රටවලින් බිත්තර ආනයනයට සියලු කටයුත් සුධානම් කර තිබුණි.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් පකිස්තානයෙන් බිත්තර ආනයනය කල්යාමට බලපා ඇත්තේ කුරුළු උණ රෝගය හේතුවන් බවයි පැවසෙන්නේ.

Exit mobile version