බිත්තර ආනයනයට බාල ගිරි දෝෂය

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අචාර්ය හේමාලි කොතලාවල පහත්මිය ප්‍රකාශ කලේ බිත්තර ආනයනය කිරීමට යෝජිත  ඉන්දියාව හා පකිස්ථානය  රටවල කුරුළු උණ පවතින බැවින් ආනයනයට නිර්දේශ ලබා දිය නොහැකි බවයි.

බිත්තර, කුකුල් මස්, කුකුල් පැටවූන් හා ඒ ආශිත අහාර නිෂ්පාධන ආනයනයට අවසර ලබා දෙන්නේ ආනයනය කරණ රටේ කුරුළු උණ රෝගය මස 6කට පෙර නොමැති බව තහවුරු වුවහොත් පමණක් බව  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය පවසා සිටියි.

කෙසේවෙතත්  බිත්තර සංගම් හා පශුවෛද්‍යවරුන්ගේ සංගම් ඊයේ(11) මාද්‍ය හමු පවත්වමින් ඉල්ලා සිටියේ බිත්තර ආනයනය නොකරණ ලෙසයි.

මෙවන් පසුබිමක ජනතාව පවසන්නේ බිත්තර මාපියාව විසින් බිත්තර ආනයන වැඩපිළිවෙල අඩාල කිරීමට මුදල් පාවිච්චි කරමින් සිටින බවයි.

Exit mobile version