බිත්තර මිල අඩු කිරීමට එකඟතාව පළකරයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් අතර වෙළෙඳපොළ තුළ බිත්තර මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවේ දී බිත්තර සංගම් එකඟතාව පළ කර ඇත්තේ එළඹෙන 29 වනදා සිට බිත්තරයක් රු. 55 කට අඩු මිලකට පාරිභෝගිකයා වෙත ලබා දීමට යි.

කෙසේ නමුත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් සඳහන් කළේ අතරමැදි වෙළෙන්දන් විසින් මෙම බිත්තර මිල වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි.

Exit mobile version