බිරිදව ඝාතනය කොට සැමියා පලා යයි.

අද (05) පස්වරුවේ ඌරගස්මංහන්දිය පොලිස් වසමේ මහ ඌරගහ ප්‍රදේශයේදී සැමියෙකු සහ බිරිද අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සැමියා විසින් බිරිදගේ ගෙලට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් බව කියයි.සිද්ධියට අදාළ ඝාතකයා 50 හැවිරිදි අයෙක් වන අතර ඔහු එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව කියයි.සැකකරු සොයා ඌරගස්මංහන්දිය පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු යොදා ඇති බව වාර්තා කරයි.

Exit mobile version