මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක කුප්පි ලාම්පුවක් පෙරලීමෙන් ඇති වූ ගින්නකින් නිවසේ සිටි බිළිදියක් පිළිස්සී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙම සිදුවීම වූ නිවසේ විදුලි බලය හෝ වෙනත් පහසුකමක් නොමැති වීම හේතුවෙන් මෙසේ කුප්පි ලාම්පුව දල්වා ඇති බව සදහන් කරයි.
මෙම සිද්ධියෙන් බිළිදිය බරපතළ තුවාල ලැබූ අතර බිළිදිය ධර්මපුරම් රෝහලට ඇතුළත් කර ඉන් පසුව කිලිනොච්චි රෝහලටත් , අනතුරුව යාපනය ශික්ෂණ රෝහලරටත් මාරු කර යැවූ බව වාර්තා වේ.
බිළිදිය යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ . සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සදහන් කරයි .
