බිළිදු මළ සිරුරක් හමු වේ.

අලුත් උපන් බිළිදු මළ සිරුරක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24) හමු වු බවට නොර්වුඩ් පොලිසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබි මෙම බිළිදු මළ සිරුර සොයාගෙන තිබේ.

එම මාර්ගයේ ගමන් ගත් වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ පොලිතින් උරයක දමා ඇති බිළිදු සිරුරක් පාවෙමින් තිබෙන බවට නොර්වුඩ් පොලිසියට කළ දැනුම් දිමක් මත නොර්වුඩ් පොලිසිය විසින් සිරුර සොයාගෙන ඇත.

අලුත් උපන් බිළින්දාගේ සිරුර ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැකකරයි.

බිළින්දා බිහි කළ මව සොයා නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනක් ආරම්භ කර තිබේ.
 

Exit mobile version