වෛද්‍ය නිමල් කරුණාසිරි දිවි සැරිය නිමා කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන වෛද්‍ය නිමල් කරුණාසිරි අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

පසුගිය දිනෙක නිවසේදී ඔහු හදිසි ඇද වැටීමකට ලක්ව ඇති අතර ඒ සමග ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඔහු 63 වන වියේ පසු වී තිබේ.

Exit mobile version