බුද්ධ පුත්‍රයෙකුට ලිංගික හිංසනයක්.

අවුරුදු 11ක් වයසැති සාමණේර හිමිනමකට වසර 3ක් තිස්සේ බරපතළ ලිංගික හිංසනයන් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති විහාරාධිපති හිමිනම ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා තුන්නමක් විහාරස්ථානයෙන් පළා ගොස් ඇති බවට පයාගල පොලිසිය වාර්තා කරයි.

පයාගල ගොරකදෙනිය විහාරස්ථානයේදී මෙම සාමණේර හිමිනම 2021 වර්ෂයේ සිට වරින්වර ලිංගික අතවරයන්ට ගොදුරු වී ඇති බවට සාමණේර හිමියන්ගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පයාගල පොලිසියේ ස්ථානාධිපති උපාන්තද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බරපතළ අතවරයට ලක් වූ සාමණේර හිමිනම වෛද්‍ය පරීක්ෂණ සදහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව සදහන්.

Exit mobile version