අරගලය තවමත් ඉවර නැත. ආසියාවේ මුතු ඇටය චීන, ඉංදියානු සහ ඇමරිකානු ගැටවල හිර වී ඇත. සියලු දේ දෙස බලා සිටින එක්ෂත් ජාතීන්ගේ සංවිධානයේ සරනාගතයන් පිලිබදව නියෝජිතයෙක් වන නීතීඥ ටිකිරි සුභාෂනී මහත්මිය පලකල අපුරු ලියවිල්ලක් හමු විය. එය අපහාසයට නොව උපහාසයට පලකලද ඇත්ත යථාර්ථය නම් එයයි.
“අපි බිරියානි කන එක නැවැත්තුවා.ඒ කියන්නේ රනිල්-ගෝටා ආණ්ඩුව ඉවරයි.ඉන්දියන් කෑම අවසන් කරලා දැන් එන්නේ චයිනිස්. චයිනිස් කෑම එන බව අපිට දැනුණේ ෆොන්සේකාට පට්ට වෙල්කම් එකක් අරගලයේ තියෙනකොට.සජිත් අසනීප වුණානේ.අනුර කොහෙද දන්නේ නැහැ.පුබුදුලා වැඩේ හිටියානේ.වසන්ත බර ඇදලා දුන්නනේ.කෑම ලෑස්තියි දැන් බොහෝ දුරට.
ඊළඟ ආණ්ඩුව චයිනීස් කොත්තුවක් වෙන්න ඕන.ඉන්දියානු ඝරම් මසාලා ටිකක් එකතු කළොත් රස වැඩිවෙයි.නැතිනම් කරගෙන යන්න අමාරුයි.අනික මෙච්චර කල් චිනේ අහක බලාගෙන හිටපු විදියටඉන්දියාව නොහිටියා නම්.. මේ දවස් තුන ලංකාවේ මිනිස්සු කන්නෙත් කේරල ප්‍රාන්තයෙන්.ඒ චයිනිස් කොත්තුවේ පෙරටුගාමී දෙන්නෙක් වත් ඉන්න ඕන.ඒකට සජබය ඉඩ දුන්නොත් කොත්තුව රහට තියෙයි.නැතිනම් ඒ කොත්තුවත් ඉක්මනින්ම පිළුණු වෙනවා.පෙරටු ගාමින්ට දෙන එක තනතුරක වසන්ත ඉන්නම ඕන.නැති නම් දඩයම් කරන වැද්දෝ දඩයමේ යනවා වගේ දිගටම මිනිහත් නායකයෝ දඩයම් කරනවා.හැබැයි මිනිහට ඉන්න එකම හොඳ කෙනා ගැන අදහසක් නැහැ.කෙලින්ම කිව්වනම් මම අපේ නායකයා තමයි සුදුස්සා කියලා හිතන්නේ කියලා..එතන ගැම්මක් තියෙනවා..අරගලය නියමයි තමයි ඒත් මේ අරගලයේ අලුත් බලවේග විනාශ කරන සැලසුමක් තිබුණා කියන එක බැහැර කරන්න බැහැ .ඒ වගේම චීන හිතවත් බලවේග විතරක් ඒකරාශී වෙනකම් සර්ව පාක්ෂික කථාව බැහැර වුණා.දැන් චීන ණය උගුලක් නැතිව ඇති.කමක් නැහැ..චයිනිස් කොත්තුව රහ බලන ගමන් ස්ටේක් කන්න නම් බැහැ.මොකද අපේ රටේ දඩයම් කරන මිනිස්සු දඩයමේ ගියාට ස්ටේක් කන්නේ ඉහල පන්තියේ මිනිස්සු.දඩයක්කාරයත් ස්ටේක් කන දවසට තමයි පංති පරතරය වෙනස් වෙන්නේ.කොහොම නමුත් චීන කොත්තුව රස වැටුනට පස්සේ රාජපක්ෂලා ට වෙච්ච දේ හා ඔවුන් රටට කරපු දේ අමතක කරන්න එපා.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ මට හිතෙන තනතුරු
1 සජිත් -ජනපති
2 අනුර අගමැති හා කෘෂිකර්ම අමාත්‍යය
3 පාටලී -බලශක්ති
4 හරිනි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
5 රෝහිනී -කාන්තා හා ළමා කටයුතු.
6 සරත් -ආරක්ෂක හා අන්තර් කටයුතු.
7 හර්ෂ -ආර්ථික හා වෙළඳ
8 වසන්ත මුදලිගේ යෞවන කටයුතු.
9 පුබුදු ජාගොඩ -අධිකරණ
10 එරාන්-විදේශකටයුතු.
මේ ටික ඇති..වැඩිය කරන්නත් බැහැනේ.මේවායේ නියෝජ්‍ය ඇමතිකම් පොහොට්ටුව ගෙනාපු පක්ෂ වලට දීලා..බලමු කොත්තුව රස වෙයි.(මේ සටහන උපාහාසත්මක සටහනක් නොවේ.වෛද්‍ය පරීක්ෂණයකට නිරාආහාරව සිටිය යුතු මොහොතක කුසගින්න දැනීමෙන් ලියන ලද සටහනකි)pictures are from internet.
