බෙලිඅත්ත සභාවේ සභාපති අත්අඩංගුවට.

බෙලිඅත්ත ප්‍රාෙද්ශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.ඒ පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන්  අනතුරුව වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ප්‍රාදේශීය සභාවේ සභාපති මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල නල සම්බන්ධයෙන් ඇති වූ ව්‍යාපෘතියකට අදාළව ය.

කෙසේ නමුත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ බලය පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

Exit mobile version