විදුලි බිල, ජල බිල හා අනෙකුත් ද්‍රව්‍ය වල මිල ඉහල යාම මුල්කර ගනිමින් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම හේතුවෙන් පාන්, බනිස් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල අලෙවිය සියයට 20ත් 25ත් අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසා ඇති බව සදහන් වේ.
මේ හේතුවෙන් දිවයින පුරා ඇති බේකරි 7,000න් 5,000ක් පමණ වැසී ගොස් ඇති බව සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇති බවයි සදහන් වන්නේ.
සියලු බේකරි නිෂ්පාදන වෙළෙඳපොළේ අලෙවි කෙරෙන මිල ගණන් පාරිභෝගිකයාට කිසිසේත් ම දරාගත නොහැකි බවද පාන් ගෙඩියක් රුපියල් 150ත් 180ත් වීම පාරිභෝගික ජනතාව ඉතා අපහසු තාවයට පත්වන බව ද සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කොට ඇති බවයි සදහන් වන්නේ.
පාන් ගෙඩියක මිල රුපියල් 100ක් ලෙසත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල හැකි උපරිම අයුරින් අඩු කිරීමටත් කුමන තත්ත්වයක් යටතේ හෝ මහ ජනතාවගේ පැත්තෙන් සිතා මෙම ක්‍රියාව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
