පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන නොමැත ලෙස ප්‍රදර්ශනය කරන ලද පුවරු දක්නට ලැබේ.
තවත් ස්ථානයන්හි දිගු වාහන පෝලිම් දක්නට ලැබේ.මෙවැනි ස්ථානයක රටේ ජනප්‍රිය කලා චරිතයක්ද දැකගන්නට ලැබිණ.
කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක වන ශානිකා වනිගසේකර ද ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිමකට එක්ව සිටියේ මීගමුව ඔරලෝසු කණුව අසල ඉන්ධන පිරවුම් හලකය.
එහි දී ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,සංගීත ප්‍රසංගවලට යාම සඳහා ඉන්ධන ලබාගත යුතු බවත්, මෙවන් දෙයක් වේයැයි කිසිසේත් සිතා නොසිටිය බවත් ය.
