ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත.
අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල ඊයේ (23) දිනයේ 07% ක පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඩොලර් 86 ක් ලෙස පැවති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ පසුගිය දෙසැම්බර් මසට පසුව අඩුම බොරතෙල් මිලක් වාර්තා කර ඇත්තේ මෙම දිනයේ බවයි.
මෙසේ බොරතෙල් මිල පහත වැටී ඇත්තේ අමෙරිකාවේ උද්ධමනය සමග ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් බව සඳහන් වේ.
