අද (24) ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල යළිත් වරක් පහත වැටී ඇත.
ලොව විශාලතම බොරතෙල් ආනයනකරු වන චීනය විසින් බොරතෙල් ආනයනය අඩු කිරීම මීට හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
බොරතෙල් මිල පහත වැටී ඇත්තේ, දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් ලෙසත් ය.
