ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරයෙකු වන හසිත සිරිවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග නිව්යෝර්ක් නුවර සිට Online තාක්ෂණය ඔස්සේ කරන ලද සාකච්ඡාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශනයට පත්කර තිබුණි.
මොහු යුධ සමයේ සම්පූර්ණ කාලය පුරාවට යුද බිම තුළ අත්දැකීම් ලබමින් සිටි අයෙක් වශයෙන් ඒ සම්බන්ධයෙන් ඔහු සතු දැනුම අනුව ආරක්ෂක ආංශ ආශ්‍රයේ සිදු වූ විවිධ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් අනාවරණ කිහිපයක් ම සිදුකර ඇත.
එම අනාවරණ අතර ඉතා වැදගත් වන කරුණක් වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාව ඝාතනය කිරීමට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කුමන්ත්‍රණ කර ඇති බවයි.
මෛත්‍රීපාල සිරිසේන, ජෙනරාල් සරත් ෆොන්සේකා, නිමල් සිරිපාල ද සිල්වා, ශවේන්ද්‍ර සිල්වා සහ ජෝන් සෙනෙවිරත්න යන අයද ඝාතනය කිරීම සඳහා එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් සැලසුම් කර ඇති බවත් ඒ සඳහා ඝාතකයින් පවා ගෙන්වා ඇති බවත් මෙම මහතා මෙහි දී පෙන්වා දී ඇත.
මේ අතර එවකට ආන්දෝලනාත්මක කරුණක් වශයෙන් LTTE නායකයින් සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙන බවට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දුන් අවස්ථාවේ දී ඔවුන් ඝාතනය කරන ලෙසට ගෝඨාභය නියෝග කිරීම ද මෙහිදී හසිත සිරිවර්ධන මහතා පෙන්වා දී ඇත.
අවසන් සටන සමයේ දී සිදුව තිබූ තවත් කුරිරු ක්‍රියාවක් වන්නේ ප්‍රභාකරන්ගේ පොඩි දරුවා බංකරයක් තුළ අත්අඩංගුවට ගෙන ඝාතනය කර ඇති බවට අනාවරණය වීමයි. ජාත්‍යන්තරයේ ඒ සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝපට තුළින් ඔහු මේ බව සනාථ කරගෙන ඇති බව සඳහන් කරයි.
මහින්දලාගේ වාහනේ කොළඹට බෝම්බ ගෙනල්ලා LTTE සංවිධානය විසින් සිදුකරන බවට පවසමින් කොළඹ විවිධ ස්ථාන වෙත බොම්බ ප්‍රහාර එල්ල කළ බවත්, මහ බැංකුව වගේම බස් රථවලට එල්ල වූ බෝම්බ ප්‍රහාර ද රාජපක්ෂවරුන්ගේ සම්බන්ධතාවය ඇතිව සිදු වූ බවට මොහු සඳහන් කරයි.
මේවායේ ඇත්ත නැත්ත පිලිබඳ සියලු සාක්ෂි ඔහු සතුව පවතින බව ඔහු සඳහන් කරයි.කෙසේ නමුත් මෙම කරුණුවල සත්‍යතාවය කුමක් වුවත් මෙය අහස පොළොව නුහුලනා අපරාධයකි.
දේශපාලන අවශ්‍යතා මත අහිංසක ජීවිත බිළි දෙන්න තරම් තිරිසන් පාලකයින් මේ බිමට තවත් අවශ්‍ය නොවන බව ඔබ අප සියල්ලන් අවබෝධ කරගත යුතුව ඇත.