බෞද්ධ පන්සලක් මුතුරාජාට හිරිහැර කරලා – තායිලන්තය ලෝකයට කියයි.

ශ්‍රී ලංකාවේදී විඳි පීඩාවන් නිසා රෝගාතුරවී සිටි මුතුරාජා හස්තියා නැවත තායිලන්තය වෙත රැගෙන යෑම, ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කරමින් විදෙස් ජන මාධ්‍යය වාර්තා කර ඇත.

‘ප්‍රංශ පුවත් සේවය’ මෙම පුවත වාර්තා කර ඇත්තේ, “නොසළකා හරින ලද අලියා ගුවනින් පැමිණ තායි මව්බිම ස්පර්ශ කරයි” යනුවෙනි.

‘ඉන්ඩියා ටුඩේ’ එය වාර්තා කර ඇත්තේ “අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් චෝදනා මධ්‍යයේ තායිලන්තය ශ්‍රී ලංකාවෙන් ‘තෑගි’ දුන් අලියා රැගෙන එයි” ලෙසිනි.

ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් එම පුවත වාර්තා කර ඇත්තේ මෙසේය.

තායිලන්ත බලධාරීන් 2001 දී 29 හැවිරිදි මුතුරාජා හෙවත් සක් සූරින් ලෙසින් හැඳින්වෙන ඇතා ශ්‍රී ලංකාවට තෑගි කර ඇත. එහෙත් බෞද්ධ විහාරස්ථානයක රඳවා සිටියදී වධහිංසා පමුණුවා නොසළකා හරින ලද බවට එල්ල වූ චෝදනාවෙන් පසු ඔවුන් පසුගිය වසරේ අලියා නැවත ඉල්ලා සිටියේය.

කිලෝග්‍රෑම් 4,000 (රාත්තල් 8,800) බරැති මෙම ක්ෂීරපායී සත්වයා සවස 2 ට තායිලන්තයට පැමිණියේ විශේෂයෙන් ඉදිකරන ලද යෝධ වානේ කුඩුවක රඳවාය. එය ප්‍රවාහනය කරන ලද්දේ Ilyushin Il-76 රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක ය.

තායිලන්ත පරිසර ඇමැති Varawut Silpa-archa ගුවන් තොටුපලේදී පැවසුවේ “ඔහු චියැං මායි වෙත පරිපූර්ණව පැමිණියා” යනුවෙනි.

“ඔහු පැය පහක් ගමන් කළ අතර කිසිවක් වැරදී නැත. ඔහුගේ තත්වය සාමාන්‍යයි.” අසල ඇති ස්වභාවික රක්ෂිතයක අලියා නිරෝධායනය කිරීමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

තායි බලධාරීන් පැවසුවේ ඩොලර් 700,000 ක් වැයකරමින් මෙම සත්වයා රැගෙන ආ බවයි.

පසුගිය වසරේ බෞද්ධ විහාරස්ථානයෙන් මුදාගන්නා අවස්ථාවේදී මුතුරාජා වේදනාවෙන් හා තුවාලවලින් වැසී සිටි බව සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය මධුෂා පෙරේරා AFP වෙත පැවසීය.

සත්ත්ව සුබසාධන කණ්ඩායම් පැවසුවේ, අලියාට දැව කපන කාර්ය මණ්ඩලයක් සමඟ වැඩ කිරීමට බලකර ඇති බවත්, එහි හසුරුවන්නා විසින් සිදු කළ බව කියනු ලබන තුවාල නොසළකා හැර ඇති බවත්ය.

(Ceylonwire.lk)

~ තායිලන්තයට ගිය මුතු රාජා ~

(ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් දිගින් දිගටම සිදුවන්නේ බෞද්ධ දර්ශනය විනාශ කරමින් පුහු බෞද්ධයන් සහ චීවරධාරින් බෞද්ධ දර්ශනයට එරෙහිව කටයුතු කිරීමයි.

අප මාධ්‍ය වාර්තා මගින් මේ පිළිබඳව දිගින් දිගටම වාර්තා කර තිබෙන අතර ශ්‍රී ලංකාව පුරා පවතින අති බහුතරයක් විහාර සහ දේවාලවල සිදු වන්නේ වංචා ,දූෂණ ,අක්‍රමිකතා බවද අපි දිගින් දිගටම වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා රැව් පිළිරැව් දිය යුත්තේ අවිහිංසාවාදී රාජ්‍යයක් ලෙස වුවත් කාලාන්තරයක් තිස්සේ අදූරදර්ශි පාලකයන් සහ ඔවුන්ගේ පාලනයට නතුව ඔවුන් පසුපස හඹා යන මහජනතාවක් සිටින රටක් ලෙස එම අවිහිංසාවාදය මේ වන විටත් වියැකෙමින් පවතින බව දක්නට ලැබේ.

විශේෂයෙන්ම මෙම ඇත් රජුගේ සිද්ධිය ජාත්‍යන්තරය හමුවේ දිග හැරෙන විට එය දැඩි අපකීර්තියක් ශ්‍රී ලංකාවට ගෙන දේ.

අප මීට පෙරද දිගින් දිගටම වාර්තා කරන ලද්දේ රට තුළ තිබෙන ප්‍රශ්න ජාත්‍යන්තරයට නොයා යුතු බවයි.

නමුත් සමහර මහජනතාවගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ අදූරදර්ශි ක්‍රියා කලාපයන් හේතුවෙන් රට තුළ පවත්නා ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යාම නිසා ශ්‍රී ලංකාව විශාල අපකීර්තියකට ලක්ව තිබේ.

දැන්වත් කළ යුත්තේ බෞද්ධ දර්ශනයට අනුව රටේ පාලක පන්තියත් රට තුළ දූෂිත ආකාරයෙන් කටයුතු කරන චීවරධාරි ගණයට අයත් බෞද්ධ භික්ෂූන් නාමයෙන් පෙනී සිටින පුද්ගලයනුත් රට නිසිමග ගෙන යාම සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීමයි.

එනම් වඩාත් උචිත වන්නේ තමන් පැළදගෙන සිටින කහ සිවුර ඇදගෙන සිටින්නේ කුමක් අරඹයාද යන වචනය තේරුම් ගෙන නැවත මහණ දිවියට හෝ පැමිණ බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමයි.

කනගාටුවට කරුණ නම් ලංකාවේ කළ යුත්ත වෙනුවට නොකළ යුත්ත සිදු වීමයි.එයින් දැඩි අපකීර්තියක් මේ වන විට අපට ඇතිව තිබේ.

අප දිගින් දිගටම ආරක්ෂක අංශවල පවා සමහර සිදුවීම් වාර්තා කරන ලද්දේ මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යාම තුළින් දැවැන්ත හානියක් ශ්‍රී ලංකාවට සිදු වන බව පෙන්වා දෙමිනි.

නමුත් අප වාර්තා කරන බොහෝ වාර්තා වලට අනුව අප ඒවා පෙන්වා දුන්නත් මේවා දෙස බලන දේශ හිතෛෂී නොවන දේශ විරෝධී පරගැති න්‍යාය පත්‍රයන්ට වැඩ කරන බොහෝ දෙනා අපට විරෝධතා ප්‍රකාශ කරන්නේ මේවායින් රටට සිදුවන හානිය පෙන්වා දීමේදී එය දරාගත නොහැකි බැවිනි.)

බෞද්ධ දර්ශනයත් ශ්‍රී ලාංකිකයන් සියලු ආගමිකයන් බෞද්ධ දර්ශනය මත පදනම්ව ජීවත් වන රටක් ලෙස මෙම ඇතාගේ සිදු වීම හේතුවෙන් දැවැන්ත අපකීර්තියකට ලක්ව සිටීම අප ශ්‍රී ලාංකිකයන් ලෙසද මාධ්‍යකරුවන් ලෙසද කිසිසේත්ම සතුටු විය යුත්තේ නැත.

කළ යුත්තේ දැන්වත් යථාර්ථය තේරුම් ගෙන මේ රට නිසි මග පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සහ දැක්ම සලසා දීමයි.

නමුත් අපගේ අවාසනාවට තවමත් එවැනි දෙයක් සිදුවන බවට නම් දක්නට නොලැඹේ.අඩුම තරමේ ආගම දහම හෝ ශ්‍රී ලාංකික භාවය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුය.

Exit mobile version