මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ පවතින සීනි හිඟය හේතුවෙන් මළගෙවල් හා පින්කම් ගෙවල් වලට ලියුම් කවර තබා ඇති පුවතකි.
පවතින සීනි හිඟය හේතුවෙන් ගම්වාසීන්ගේ ඉල්ලීම පරිදි මෙසේ ලියුම් කවර තැබූ බවත් ඒ අනුව ලියුම් කවරවල රුපියල් 500,600,700,1000 ආදී ලෙස මුදල් දමා යාමට ගම්වාසීන් පුරුදුවී ඇති බවත් සඳහන්වේ.
මෙම පුරුද්ද මාතර දිස්ත්‍රික්කය පුරාම ප්‍රචලිත බව තවදුරටත් වාර්තා වේ.
