මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයට වෙඩි ප්‍රහාරයක්.

පුජ්‍ය අම්පිටියේ සුමන නාහිමියන් වැඩ සිටින මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

අද (13)අළුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති අතර එම අවස්තාවේ උන්වහන්සේ විහාරස්ථානයේ වැඩසිටියද කිසිදු අනතුරක් වී නොමැති බව පොලීසිය සදහන් කර තිබේ.

උන්වහන්සේට මීට දින කිහිපයකට ඉහතදී නාදුනන පුද්ගලයකු විසින් දුරකථන ඇමතුමක් දී තර්ජනය කර ඇති බවද උන්වහන්සේ පොලීසියට දැනුන් දී ඇති බව වාර්තාවේ.

මෙම සිද්ධිය සම්භන්ධයෙන් පරීක්ෂණ පොලීසිය විසින් ආරම්භ කොට තිබේ.

Exit mobile version