අද (21) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ ආර්ථිකය සම්බන්ධයෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
වාර්තා වන ආකාරයට එක එක අයගේ අයිතිය නැති කිරීමට කතා කරන උදවිය එදා කටයුතු කරපු ආකාරය හොඳට මතක යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා චෝදනාවක් නැගූ පමණින් මඩ වලට උත්තර දීමට අවශ්‍ය දැයි ප්‍රශ්න කර තිබේ.
ඔහු මේ බව සඳහන් කලේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදී වන අතර මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම මඩ ගෑවෙන බවත් කාගේ හෝ අයිතියක් නැති කිරීමට කතා කරන අය මුලින්ම ජනතාවගේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ද සඳහන් කර තිබේ.
