සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන මේවනවිට විදෙස් රටක සැගව සිටින ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් “බුම්මා” නමැත්තාගේ සමීපතයකු යයි සැකකරන පුද්ගලයකු මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය වසරේ පුද්ගලයකු හට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමට අදාලවද සැකකරුවකු වන අතර ඒ සදහා යෝදා ගත්තා යැයි සැකකරන ලංකාවේ නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක්සමග කඩු 2ක්, යතුරු පැදියක්, ත්‍රි රෝද රථයක් සොයා ගෙන ඇති බව සදහන් වේ.
සැකකරු දිලුශාන් කුමාරසිරි නැමති 24 හැවිරිදි තරුණයකු වන අතර පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශ ස්ථානාධිපති හට ලැබුණු තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
