කැලණිය. කළුතර, පනදුර ඇතුළු ප්‍රදේශ රැසකට හෙරොයින්, ගංජා සහ හෂීස් බෙදා හැරී බවට සැක පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වත්තල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි මොවුන් කොටහේන, වත්තල, සහ දික්ඔය පදිංචිකරුවන් බව කියා වේ. මලිගාවත්ත පොලිසියට ලද තොරතුරුක් මත ඊයේ (08) මෙම වැටලීම සිදුකර තිබේ. කොටි 7 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රවය තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙන බවද වාර්තා වේ.













































