ඊයේ (24) රාත්‍රී කාලයේ පානදුර සොලමන් මාවත ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 10යි ග්‍රෑම් 620ක් සමග පුද්ගලයකු STF නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාද්‍ය කොට්ඨාශය වාර්තා කොට තිබේ.
සැකකරු සමග කේරල ගංජා හා රුපියල් 100000ක් හා ජංගම දුරකතනයක් සොයා ගෙන ඇති බව වාර්තාවේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහු හෙට (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතබව පොලීසිය සදහන් කර තිබේ.
