මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනකු මුදල් සමග අත්අඩංගුවට.

හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය අංශය මගින් ප්‍රධාන පෙලේ  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනකු මත්කුඩු හා මුදල් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 34 ක් පමණ මුදල්, හෙරොයින්, ජංගම දුරකථන ATM කාඩ්පත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කර තිබේ.

සැකකරුවන් වත්තල හා නාත්තන්ඩිය ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි සදහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Exit mobile version