කොළඹ අවට ප්‍රදාන නගර කිහිපයකට මත්ද්‍රව්‍ය වර්ග බෙදා හරින ජාවාරම්කරුවන් තිදෙනකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තෙබෙ.
මාලිගාවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (8) සිදුකල වැටලීමකදී මොහුන් අත්අඩංගුවට ගැනීමට හැකිව තෙබෙ.
සැකකරුවන් විසින් කැළණිය, නුගේගොඩ, කළුතර, පානදුර සහ තවත් ප්‍රදේශ කිහිපයක විවිද වර්ගවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සිදුකර ඇති බව වාර්තා වේන අතර අත්අඩංගුවට ගන්නාවිට සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් කෝටි 7 ට අදික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙ.
මොහුන් කොටහේන වත්තල දික්ඔය යන ප්‍රදේශ වල පදිංචි කරුවන් වන අතර මොහුන් ජාවාරමේ නිරතව ඇත්තේ වත්තල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිට බව වාර්තා වේ.
