මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට.

කටුනායක ගුවන් තොටුපළේදී බොලිවියානු  ජාතික කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කොටි 23 ක් පමණ වන බවයි සදහන් වන්නේ.

අද (28) දින ඩුබායි රජයේ සිට මෙරටට පැමිණි  එමිරේට්ස් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් මෙම කාන්තාව පැමිණ ඇති අතර රේගුව විසින් ඇයගේ ගමන්මලු පරීක්ෂා කිරීමේදී රෙදි අතර සගවා තිබු කොකේන් කිලෝ 4 යි  ග්‍රෑම් 600 ක් සොයාගෙන ඇති බවයි සදහන් වන්නේ.

රේගුව විසින් 26 හැවිරිදි  මෙම කාන්තාව රදවාගෙන  ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ.

Exit mobile version