මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදී සිටි පොලිස් නිලධාරියෙක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඊයේ (11) වවුනියා – පුලියන්කුලම ප්‍රදේශයේ දී කේරළ ගංජා ජාවාරමක නිරතව සිටි පොලිස් සැරයන්වරයෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැණුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කරයි.

අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැණුනු අවස්ථාවේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 05ක් ඔවුන් සතුව තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැණුනු පොලිස් සැරයන්වරයා වවුනියා කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රාජකාරි කළ අයෙක් වන අතර මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 41 සහ 53 වියෙහි පසුවන්නන් බව වාර්තා වේ.

මේ වන විට ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණ්‍ය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අත්අංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මේ පිළිබඳ වැඩිදු‌ර පරීක්ෂණ වවුනියා පොලිසිය විසින් සිදු කරයි.

Exit mobile version