මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

උර 09ක් තුළ පැකට් 225 බැගින් අසුරන ලද විශාල මත්ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව භාරයට ගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ වන අතර එම යාත්‍රාවේ සිය විදේශීය සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සමග එක්ව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් ඈත මුහුදේ මෙම විශේෂ මෙහෙයුම සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බව වාර්තා වේ.

ඒ අනුව අත්අඩංගුවට ගැනුණු විදේශීය යාත්‍රාව සහ එහි සිටි විදෙස් සැකකරුවන් 06 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක අරක්ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් ඇත.

Exit mobile version