මත්පැන් ජාවාරම්කරුවෙකුගේ පිහි පහරින් අයෙක් ජීවිතක්ෂයට.

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු විසින් මත්පැන් ඉල්ලා පැමිණි අයෙකුට පිහි පහරක් එල්ල කර ඇති අතර පිහි පහරින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

26 හැවිරිදි තරුණයෙකු මත්පැන් ජාවාරම්කරුගෙන් නීති විරෝධී මත්පැන් ඉල්ලා ඇති අතර මත්පැන් ජාවාරම්කරු විසින් මත්පැන් නොමැති බව ප්‍රකාශ කර තිබේ. ඉන් අනතුරුව ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මත්පැන් ජාවාරම්කරු සන්තකයේ තිබූ පිහියකින් 26 හැවිරිදි තරුණයාට  පහර දී  තිබේ.

පිහි පහර එල්ල කළ 57 හැවිරිදි මත්පැන් ජාවාරම්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

Exit mobile version