මන්කිපොක්ස් පරීක්ෂණ මෙරටදීත්

අද (08) සිට මෙරටදී මන්කිපොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මේ වන විට ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබී ඇති අතර, ඒවා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර ජාතික රෝහලට ලබා දීමට නියමිතව ඇත.

Exit mobile version