මර්දනය කරන්න ඕනි අය මර්දනය කරනවා – විජේදාස කියයි

📌රනිල්ට වැඩේ භාරගන්න කිව්වේ මම – මට වැඩේ බාරගන්න කිව්වේ ගෝඨාභයයි රනිලුයි දෙන්නම එකතු වෙලා

📌මර්දනය කරන්න ඕන අය මර්දනය කරනවා – විකාර කියවන අයට වෙන්නේ ජීවිත අනතුරේ දාගන්නයි

📌අපිට මර්දන නීති ගේන්න ඕන නෑ – මේ පනත ගේන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී කරන්නයි

රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ‍ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා රජය කිසිවිටෙකත් පසුබට නොවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කර තිබෙන්නේ ‍ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් සමාජය නොමග යවමින් සිටින බවයි.

එලෙස සමාජය මුලා කරන පුද්ගලයින්ට සිදු වන්නේ ජීවිත අනතුරේ හෙළීමට බව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේ දී සඳහන් කර තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ රට අරාජික වූ අවස්ථාවේ රටේ අභියෝගය භාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේ තමා බවත් ඉන්පසුව තමන්ට ද අමාත්‍යධූරයක් ලබා ගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයක දී ඉල්ලීම් සිදු කරන ලද බවත් ඔහු මෙහි දී සඳහන් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් යහපාලන සමයේදී හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීමට එරෙහිව විරෝධය පල කළ විජේදාස රාජපක්ෂ මහතා වර්තමානයේ මෙතරම් තීරණාත්මක සම්පත් විකුණා දැමීමට රජය සුදානම් වන අවස්ථාවේ නිහඬව සිටින්නේ දැයි මාධ්‍යවේදියා නැගු පැනයකින් පසු සංවාදය වඩාත් උණුසුම් වූ අයුරක් ද මෙහි දී දක්න ට ලැබීම විශේෂත්වයක්.

Exit mobile version