උඩප්පුව , කට්ටකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉස්සන් ගොවිපළක සේවයේ නියුතු කාන්තාවක් පෙරේදා (02) පස්වරුවේ අවුරුදු එක හමාරක් වයසැති තම දියණිය තමා සේවය කරන් ස්ථානයේ ඉස්සන් වගා කළ ටැංකියකට තල්ලු කර ඇති බව වාර්තා වේ.
අනතුරුව මෙම දියණිය ටැංකියෙන් ගොඩ ගෙන මුන්දලම රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩි දුර ප්‍රතිකාර සදහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත. එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) මෙම කුඩා දැරිය ජීවිතක්ෂයට පත් වූ බව සදහන් කරයි.
සැකකාර මව උඩප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා කරයි .
