මවගේ සහ දියණියගේ අභිරහස් මරණය

ගිනිගත්හේන – පේර්ගහමුල ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස මිය ගිය 50 හැවිරිදි කාන්තාවකගේ සහ 30 හැවිරිදි ඇයගේ දියණියගේ මළ සිරුරු සොයා ගත් බව වාර්තා වේ.

මෙම නිවසේ උදවිය දින කිහිපයක සිට නිවසින් පිටතට නොඒම නිසාත් නිවස දෙසින් දුර්ගන්ධයක් හැමීම නිසාත් ප්‍රදේශවාසීන් ඒ බව ගිනිගත්හේන පොලිසියට දැනුම් දුන් බව කියයි.

ඒ අනුව අද (9) ගිනිගත්හේන පොලිසිය විසින් එම නිවස පරීක්ෂා කළ අතර නිවසේ නිදන කාමරයේ ඇද මත තිබී අදාළ කාන්තාවන්ගේ මළ සිරුරු සොයා ගත් බව කියයි.

මෙම මරණය සියදිවිනසා ගැනීමක් බව පොලීසිය සැක පළ කරන බව වාර්තා වේ.

මිය ගිය කාන්තාවගේ පියා සහ පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ රැකියා කරන බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව ගිනිගත්හේන පොලීසිය ප්‍රකාශ කරයි.

Exit mobile version