මවක් සහ දියණියක් පසුගිය 10 වනදා බදුල්ල, හින්ගුරුගමුව ප්‍රදේශයේ වතු නිවසක් තුළ කපාකොටා ඝාතනය කර තවත් දියණියක් බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.
මෙම සිද්ධියට සැකපිට අද (12) බදුල්ල විතියපුර ප්‍රදේශයේ දී 33 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකු ලෙස රැකියා කරන පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු ඝාතනය කරන ලද කාන්තාවගෙන් රු.20,000ක මුදලක් ඉල්ලා ඇති බවත් එය නොලැබීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවත් දැනට අනාවරණය වී ඇත.
එමෙන්ම ඝාතනයට පෙර අදාළ සැකකරු ඔවුන්ට තර්ජනය කර ඇති බවත් ඊට බියේ ඔවුන් රන් ආභරණ කිහිපයක් ද සැකකරුට ලබා දී ඇති බවත් එම රන් භාණ්ඩ උකස් කර ඇති බවත් අනාවරණය වී ඇත.
පොලිසිය සඳහන් කළේ මෙම කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවයි.
