මහනුවරින් මතු වූ සැකසහිත මළ සිරුර.

Dead woman lying on the floor under white cloth with focus on hand

අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ නිත්තවෙල ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයාගෙන ඇත.

ප්‍රදේශවාසීන් විසින් අද (02) උදෑසන කටුගස්තොට පොලිසියට කරන ලද දැනුවත් කිරීමකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි 35 හැවිරිදි පැතුම් ගයාන් නමැති පුද්ගලයෙක් බව වාර්තා වේ.

මෙම පුද්ගලයා පහරදීම්, තරුජනය කිරීම් හා බීමත්ව කලහකාරී ලෙස හැසීරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් මෙසේ සොයාගන්නා ලද මළ සිරුරේ  කැපුම් පහරක් තිබෙන බැවින් මෙම පුද්ගලයාව ඝාතනය කර දුම්රිය මාර්ගය අසලට ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක පහළ කරන අතර මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු කටුගස්තොට පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version