මහනුවර පාසැල් මුරකරු ඝාතකයා කොටුවෙයි.

පසු ගියදා සිල්වෙස්ටර් පාසැලේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියා එම පාසලේ ක්‍රීඩා පිටිය තුල ඝාතනය කල ඝාතකයා බලංගොඩ සමනළ වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනයට හේතුව ප්‍රේම සම්බන්දයක් බව දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙසේ මිය ගොස් තිබුනේ අන්නිලාගේ උපුල් සම්පත් නැමති ඉලුක්ඕවිට තුන්මෝදර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඝාතකයද එම පාසලේහිම ආරක්ෂක නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ.

මහනුවර කෝට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමල් ක්‍රිෂාන්ත රත්නායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර   කෝට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඝාතකයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින්  සිදුකරණු ලබයි.

Exit mobile version