මහනුවර වායු සමීකරණ ගෑස් ටැංකියක් පුපුරා තරුණයෙක් මරුට

මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති “ඕක් – රේ” හෝටලයේ වායු සමීකරණ ගෑස් ටැංකියක් පුපුරා යාම හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව හෝටලයට ද දැඩි අලාභ හානි සිදුව ඇත.

අදාළ පිපිරීමෙන් වයස අවුරුදු 26ක මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ තරුණයා දැඩි පිළිස්සුම් තුවාල ඇති දහවල් 01.45ට පමණ රෝහල්ගත කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත.

පොලිසිය ප්‍රකාශ කළේ වායු සමීකරණ නඩත්තු කටයුත්තකදී අදාළ පිපිරීම සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මහනුවර පොලිසිය විසින් සිදු කරයි.

Exit mobile version