මහබැංකුවෙන් අනතුරු ඇඟවීමක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ,නිල නොවන ක්‍රමවේද ඔස්සේ මුදල් යැවීම් සහ එවීම් සිදුකිරීමට භාවිතා කරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන බව සඳහන් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ඔහු මේ පිළිබඳව සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා පිළිගත් ක්‍රමවේද පමණක් භාවිතා කිරීමට කටයුතු කළ යුතු බවයි.

එමෙන් ම දෙසැම්බර් මාසය තුළ දී රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයක් සඳහාම වැඩිපුර රුපියල් 10 බැගින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් මහ බැංකුව ඊයේ (01) නිවේදනය කරන ලදී.

කෙසේ නමුත් විදේශගත සේවා නියුක්තිකයන් විසින් ශ්‍රී ලංකාවේ බැංකු සහ විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මුදල් හුවමාරු කිරීම අනිවාර්යය වනු ඇත.

Exit mobile version