මහවැලි ගඟෙන් කාන්තා මළ සිරුරක් මතුව ඇත

Dead woman lying on the floor under white cloth with focus on hand

මියගිය කාන්තා මළ සිරුරක් ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී සොයාගෙන ඇත.

මේ වන තෙක් මියගිය කාන්තාවගේ මළසිරුරේ අනන්‍යතාවය තහවුරු කර නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ කන්තාව වයස අවුරුදු 50 – 55 අතර වයස් සීමාවේ පසු වූ අයෙක් බවට පොලිසිය ප්‍රකාශ කරයි.

ගඟ අසල එම කාන්තාවගේ යැයි සැකකරන අත් බෑගයක් වැටී තිබී ඇති අතර එහි තිබී රු.15,000කට ආසන්න මුදලක් සහ ඖෂධ කිහිපයක් සොයාගෙන ඇත.

මෙම කාන්තාව පිළිබඳ තොරතුරු අවට පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවත් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවත් එම ස්ථානය වෙත පැමිණි ගම්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අදාළ මෘත දේහය මේ වන විට ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පොළ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Exit mobile version