සමස්ත ශ්‍රී ලංකාවම බේරාගෙන අවසානයේ ලංකාවම ගිනි තබා 7 දෙනෙකුට දිවි අහිමි කරමින් 120 කට අධික ප්‍රමාණයක් රෝහල් ගත කිරීම දක්වා රටම ගිනි තැබීමේ ප්‍රධාන චූදිතයා ලෙස චෝදනා ලබා තිබෙන හිටපු ජනාධිපති මෙන්ම ඊයේ ඉවත් වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සිටම අරලියගහ මන්දිරය තුල සිර අඩස්සියට පත්විය. ඒ ජනතාව එම ස්ථානයේ දොරටු දෙකම අවහිර කර තිබු නිසාය.
ඒ අතර එහි ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක්ද සිදුව තිබෙන අතර ඊයේ රාත්‍රීයේ එම ස්ථානයේ රැදී සිටි ජනතාවට කදුළු ගෑස් සහ ජාල ප්‍රහාරද එල්ල කලද ජනතාව එම ස්ථානයෙන් ඉවත් නොවී රාත්‍රිය පුරාම එහි රැදී සිටි බැව් උදෑසන දක්වාම නිරීක්ෂණය කිරීමට අපට හැකි විය.
කෙසේ හෝ අද උදෑසන 8 පමණ විට අරලියගහ මැදුරේ හිරවී සිටි මහින්ද රාජපක්ෂ විශේෂ මෙහෙයුමකින් පසු බේරාගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
