හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2004 වර්ෂයේ අගමැතිවරයා වශයෙන්ද 2005 වසරේ ජනාධිපති වරයා වශයෙන්ද පත්කොට මහිද රාජපක්ෂ හට හොරා කන්නට අවසර ලබා දෙන ලද්දේ අනුර කුමාර දිසානායක ප්‍රමුක ජනතා විමුක්ති පෙරමුණ බව සමගි ජනබල වේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කුරුණෑගල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කරනලදී.
තව දුරටත් කරුණු දැක්වූ ඔහු “ ජනතා විමුක්ති පෙරමුණ රටපුරා පවසමින් යන්නේ මෙතෙක් රට පාලනය කල සියලු දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් මේ රට විනාශ කල අය හැටියට බවයි. නමුත් 2000 වර්ෂයේ චන්ද්‍රිකා රජයේ ඇමතිකම් 8 දැරුවද කරපු දෙයක් නොමැත. 2004 මහින්ද අගමැති රජය සමයේ ඇමති කම් 39 දැරුවද වෙනසක් කලාද කරපු දෙයක් නැත. 2005 වර්ෂයේ මහින්ද ජනපති කරවීමට මූලිකත්වය ගෙන ක්‍රියා කලේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා මහින්ද නොගේනාවනම් අද මේ හොරකම, දුෂණය ගැන කතා කරන්න කතා කරන්න දෙයක් තියනවද. 2005 -2015 කාලය තුල මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේ තුලයි මේ රට වැඩියෙන්ම දුෂණය හොරකම වෙලා තියනව කියන අනුර ලාම අද හැසිරෙන හැටි දැක්කම අපිට පුදුමයි.ජනතාව ජනතා විමුක්ති පෙරමුණ අත්හදා බැලීමට අවස්තාවක් දුන්නා. සජිත් තමාගේ නායකයා සමග කරට අත දාගෙන වැඩ කිරීම පුදුමයක් කියන අනුර කලේ 2001 වසරේ සිට මහින්ද සමග කරට අත දාගෙන මහිදව අගමැති කොට ජනපති කොට හොරා කෑමට අවසර ලබා දුන්නේ අනුර කුමාර දිසානායක” බවයි.
